අ/අලිවංගුව මහා විද්‍යාලය
අ/අලිවංගුව මහා විද්‍යාලය, පදවි ශ්‍රීපුර

අලිවංගුවෙන් හැරෙන්න….

අලිවංගුව කියන නම ඇහුනම මතක් වෙන්නෙ හද්ද පිටිසර ඉලුක් මාන පාරට නැමිච්ච පේන තෙක් මානෙක මිනිස් පුළුටක් නැති බොරළු පාරක කොයි වෙලේ අලියෙක් මතුවෙයිද කියල හිතෙන සිතුවිල්ලක් , නමුත් අදවන විට පොඩි කඩමන්ඩියක් එක්ක ගොවිතැනින් සශ්‍රීක ගම්මානයක්.අනුරාධපුර ත්‍රිකුනාමල දිස්ත්‍රික්ක මායිමක තියන පදවිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අභයපුර වසමට තමා අලිවංගුව අයිති උනේ. මේ නම පනස්ගනන්වල පදවිය ගොවිජනපදය ආරම්භය තෙක් ම පරණ එකක් පදවි පරාක්‍රම පුර සිට අභයපුර දක්වා පැරණි කෘෂි මාර්ගය (මැදපාර)අභයපුර ගම්මන්ඩියට සම්බන්ද වන තැන වංගුව තමයි අලිවංගුව ලෙස හැදින් උනේ (ෆිල්ටරය අසල) මෙතන අලිවංගුව කියල හැදින් වෙන්න හේතු උන කතා දෙකක් තියනව .එකක් ගොවිජනපද ආරම්භයේ මෙම ප්‍රදේශයේ ඝණකැලෑව නිසා අලි මාරු උන තැනක් (අලි මංකඩක්) පැවතීම අනිත් කතාව මේ වංගුවේ අලි හිස් කබලක් තැන්පත් කරල තිබ්බයි කියල කියන කතාව. 1969 දී විතර අලිවංගුව පාසල බිහි වෙද්දිත් මේ ප්‍රදේශය අලිවංගුව විදියට ම තිබ්බ.පාසැල් නිළ ලාංජනයෙත් ගජ සිංහ රූපයක් ඇතුලත් කරන්න ඇත්තේ ඒ නිසා වෙන්න ඇති. 2000 විතර වෙනකන් ම අපිත් පාවිච්චි කරේ ඒ නම මයි. බස් එකට ටිකට් ගන්නෙත් අලිවංගුවට ,හැබැයි අපි දන්න කාලෙක වත් අලියෙක් තියා අලියෙක්ගෙ හිස් කබලවත් දැකල නෑ …
පස්සෙන් පහු කැලෑ එලිපෙහෙලි වෙලා ගම්මාන පුළුල් වෙද්දි මේ අලි වංගුව හැළිලා අභයපුර බවට නම වෙනස් උනා.පරණම කීපදෙනෙක් ඇරුනම දැන් අලිවංගුව කියල නොකියවෙන තරම් . අලිවංගුව දැනට අලිවංගුව කියන ව්‍යවහාරය වෙන්නෙ අලිවංගුව මහා විද්‍යාලට විතරයි . මෑතකදී එයිනුත් ප්‍රාතමික පාසල අභයරාජ ප්‍රාතමිකය විදිහට වෙනස් උනා. අප පාසල් යන සමයෙත් අලිවංගුව කියන නමට තිබුනෙ හරි අමුතු ප්‍රතිචාර ,”හෑ අලි ඉන්නවද,අප්පෝ හද්ද කැලේ,අලිවංගුව කැලෑ කොලේජ් වගේ හින්ට් ක්‍රීඩාතරඟ ,භාෂා දින තරඟ ,කැඩෙට් ,බාලදක්ෂ වගේ විෂය බාහිර වැඩ වලට නගරයට ගියාම අහන්න ලැබුන. හැබැයි අලිවංගුවෙන් ඉගෙනගෙන අලිවංගුව බ්‍රෑන්ඩ් එකක් කරපු සෑහෙන සිසු පිරිසක් අද ලංකාව වටේම ඉන්නව.. තවත් සෑහෙන කාලයක් වන අලි නැතත් දැනුමෙන් දැවැන්තයන් ලෝකයට හරවන වංගුවක් විදිහට අලිවංගුව පාසල ඉදිරියටත් සිය මෙහෙවර ඉටු කරාවි….

Scroll to Top